90 දශකයේ කණ්ඩායම් සංගීතයට ආදරය කෙනෙක් නම් නිසැකව ම Westlife සංගීත කණ්ඩායමේ ගීත අසා තිබෙනවා විය යුතුය. My love,No promises, Nothing's gonna change, I lay my love, Beautiful in white, Take me for your heart, That's why you go away ආදී ගීත වැඩිවශයෙන් ම ජනප්‍රිය වූ ගීත අතුරින් කිහිපයකි.
Westlife සංගීත කණ්ඩායමේ ආරම්භය සිදුවන්නේ අයර්ලන්තයේ ස්ලිගෝ නගරය කේන්ද්‍ර කරගෙන. එය සාම්ප්‍රදායික සංගීතයෙන් පෝෂණය වූ කුඩා නගරයක්. Westlife කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් පස්දෙනාගෙන් තිදෙනෙකු ම උපන්නේ මේ නගරයේයි. ඒ කියන් රීගන්, ෂේන් ෆිලන් සහ මාක් ෆීහිලි. පාසලේ මිතුරන් වූ ඔවුන් තම උසස් පාසලේ සංගීත වැඩසටහනක් සඳහා තම ඉදිරිපත් කිරීම කරන අතරතුරේදී තමයි සංගීත කණ්ඩායමක් පිහිටුවා ගැනීම පිළිබද අදහසක් පහළ වෙන්නේ. ඔවුන් තවත් තිදෙනෙකු සම්බන්ධ කරගනිමින් " 6 as 1" නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගන්නා අතර පසුව එහි නම I.O.YOU ලෙස වෙනස් කරයි. 1997දී I.O.YOU. ඔවුන් තම පළමු ගීතය " Together Girl Forever " ගීතය නිකුත් කල නමුත් අපේක්ෂා කල පරිදි මිනිසුන් අතරට ගියේ නැහැ. නමුත් ෂේන් ෆිලන්ගේ මව තම පුතු ඇතුලු මේ තරුණයන්ගේ අනාගතය වෙනුවෙන් ලුවී වෝල්ෂ් සම්බන්ධ කරගැනීමට තීරණය කරයි. ලුවී වෝල්ෂ් යනු ඒ වනවිට යුරෝපයේ මෙන් ම එයින් එපිටටත් තම ජනප්‍රියත්වය විහිද වූ Boyzone සංගීත කණ්ඩායමේ කළමණාකරු ය. ඔහු Boyzone කණ්ඩායමේ සාමාජිකයෙකු වන රෝනන් කීටින් සමග එක් ව නව කණ්ඩායම කලමණාකරණය කිරීමට එකඟත්වය පල කරයි.අනතුරුව I.O.YOU. කණ්ඩායමේ පසුව එක් වූ ග්රැහැම්, මයිකල් සහ ඩෙරෙක්ගෙන් ඉවත් ව යන ලෙස ඉල්ලා සිටින අතර නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා කුසලතා පරීක්ෂණ ආරම්භ කරයි. එහිදී වෝල්ෂ් විසින් බ්‍රයන් මැක්ෆේඩන් සහ නිකී බර්න් කණ්ඩායමට තෝරාගනු ලබන අතර Westlife සංගීත කණ්ඩායම නිල වශයෙන් පිහිටුවනු ලබයි. විශේෂයෙන් ම ආරම්භයේ පටන් ම Boyzone සංගීත කණ්ඩායමේ නිහතමානී දායකත්වය ඔවුන්ට ලැබුණු බව නම් සඳහන් කල යුතුම ය.
Westlife තම පළමු ගීතය Swear it again" 1999 අප්‍රේල් මාසයේදී නිකුත් කරන අතර එය අයර්ලන්තයේ සහ එක්සත් රාජධානියේ ජනාදරයට පත් වෙයි. මෙලෙස අතිමහත් රසික ආදරයක් ලැබුණු Westlife තම කුළුදුල් ගීත ඇල්බමය 1999 නොවැම්බරයේ නිකුත් කරනු ලබයි. එම ඇල්බමයේ ගීත යුරෝපයෙත්, ඕස්ට්‍රේලියාවේත්, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලත් ජනප්‍රිය වෙයි. එහි ඇතුළත් වූ ගීත කිහිපයක් ම අයර්ලන්තයේ සහ එක්සත් රාජධානියේ සංගීත දර්ශකවල ප්‍රථම ස්ථානවලට ද පැමිණෙන අතර ඒ අතුරින් If I let you go , Flying Without Wings ප්රමුඛ වෙයි. ඔවුන් පළමු ඇල්බමයෙන් ලැබූ සාර්ථකත්වය සමග Coast to coast, World of our own, Turnaround යන ගීත ඇල්බමයන් පිලිවෙලින් 2000, 2001, 2002 නිකුත් කරනු ලබයි. මේ හැම ගීත ඇල්බමයක් ම අතිශය ජනාදරයට පත්වූ අතර 2002 වර්ෂයේදී ඔවුන් වැඩිම ජනප්‍රියත්වයක් ලැබූ ගීත එක්කොට Greatest Hits ඇල්බමයක් ද නිකුත් කලේ ය.
මෙකල Westilfe සංගීත කණ්ඩායම සිදු කල තවත් දෙයක් වන්නේ ඇතැම් පැරණි ගීත තම ශෛලියෙන් ගායනා කර තම රසිකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමයි. ඒවා ලොව පුරා රසිකයන් කෙතරම් ආදරයෙන් වැළදගත්තේද කියන්නේ නම්, මුල් ගායනයටත් වඩා ඔවුන් ගැයූ අනුවාදයන් අතිශය ජනප්‍රිය විය. ඒ අතුරින් I have a dream සහ Season in the sun ගීත ඉදිරියෙන් ම තිබෙයි.
රසික ආදරය උපරිමයෙන් විඳිමින් සිටින ඔවුන්ට 2004 වර්ෂයේදී අවදානමකට මුහුණ දීමට සිදුවෙයි. ඒ බ්‍රයන් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කිරීමයි. කණ්ඩායමේ සිවුවන සංගීත ප්‍රසංග මාලාවට සති තුනකට පෙර එය නිවේදනය කල අතර ඊට හේතු ලෙස ඔහු දක්වා තිබුනේ තම පවුලේ සාමාජිකයන් සමග වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය නිසා මෙම තීරණය ගත් බවයි. කණ්ඩායමෙන් ඉවත් වූ ඔහු පසුකාලීන ව ඒකපුද්ගල ඇල්බම කිහිපයක් ම නිකුත් කල අතර ඔහු ඒක පුද්ගල ගායකයෙක් ලෙස සාර්ථකත්වයට පත්විය.
බ්‍රයන්ගේ ඉවත් වීමෙන් පසු අනෙක් සාමාජිකයන් දැඩි කැපවීමකින් ඉදිරියට ගමන් කල අතර ඔවුන් 2004- 2010 කාල පරාසය තුල ගීත ඇල්බම 6 පමණ නිකුත් කිරීමට සමත් විය.
මෙකල මාක්ට තම පෞද්ගලික ගැටලුවකට මුහුණ දීමට සිදුවෙයි. එනම් ඔහු සමලිංගික දිශානතියක් තියෙන පුද්ගලයෙක් වීමයි. 2005 දී ඔහු ලෝකය ඉදිරියේ ඒ පිළිබද දක්වන අතර තම ලිංගික දිශානතිය පිළිබද ස්වයං අරගලයක නිරත වූ බවත් උපදේශන සේවාවල පිහිට පැතූ බවත් දැක්වීය. එසේම එහිදී රීගන් ඇතුළු කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ලැබුණ සහයෝගයද ඔහු අගය කලේ ය. අද වනවිට මාක් ෆීහිලි සමරිසි නැඹුරුවක් සහිත ජනප්‍රිය කලාකරුවන් අතුරින් ඉදිරියෙන් ම සිටින්නෙකි.
Westlife විසින් තම අවසාන ඇල්බමය වන " Gravity" නිකුත් කිරීමෙන් පසු තවදුරටත් කණ්ඩායමක් ලෙස ඉදිරියට යනවාද නැත්නම් විශ්‍රාම ගන්නවාද යන්න පිලිබඳ තීරණයකට එලඹෙමින් සිටියේ ය. ඒ අනුව සමුගැනීමේ චාරිකාව ලෙස Greatest Hits tour ප්‍රසංග මාලාව සංවිධානය කරන අතර එය 2012 ජූනි 20 දින අයර්ලන්තයේ ඩබ්ලින්හි ක්රෝක් පාක් ක්‍රීඩාන්ගනයේදී පැවැත්වීය. එම ප්‍රසංග මාලාවේ ප්‍රවේශපත් සුළු වෙලාවකින් ම විකිණී අවසන් වූ බවත් 8000 පමණ රසික පිරිසක් ඔවුන්ට ගෞරවනීය ලෙස සමුදීමට පැමිණ සිටි බවත් සඳහන් වෙයි.
අනතුරුව ඔවුන් තම තමන්ට අනන්‍ය අයුරින් ඒකපුද්ගල ඇල්බම නිකුත් කරන අතර ඒවාද අතිශය ජනාදරයට පත්වෙයි. කෙසේවුවත් 2018 දී නැවත Westlife කණ්ඩායමේ ආගමනය සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරෙන්නට විය.එය සැබෑවක් කරමින් 20 වැනි සංවත්සරය වෙනුවෙන් නැවත කණ්ඩායම පිහිටුවා ගන්නා බවට Westlife සංගීත කණ්ඩායමේ සාමාජිකයන් විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලැබීය. ඒ අනුව Spectrum නමින් ගීත ඇල්බමයක් නිකුත් කරන අතර ඊට සමගාමීව The twenty tour නමින් සංගීත ප්‍රසංග මාලාවක් යුරෝපය සහ ආසියාව පුරා ඔවුන් පවත්වනු ලබයි.
Westlife සංගීත කණ්ඩායම මේ දක්වා ඔවුන්ගේ ගීත සඳහා MTV Europe, Brit Award, World Music Award ඇතුළු සම්මාන රාශියකට නිර්දේශ වී සහ පිදුම් ලබා තිබෙයි. එසේම 90 දශකයේ උන්මාදයක් වූ Westlife සංගීත කණ්ඩායම අදත් යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව ඇතුලු ලොව පුරා ප්‍රසංග පවත්වමින් රසික ආදරය නොමඳව ලබමින් සිටී.
Good job
ReplyDelete💜
DeleteNice...
ReplyDelete❤❤
ReplyDeleteSuperb
ReplyDeleteGood job ♥️
ReplyDelete😍😍😍
ReplyDeleteInteresting 😍
ReplyDelete😍😍😍
ReplyDeleteKeep it up!🧚♀️
ReplyDelete🌸🌺🌺
ReplyDelete